ඉහත කී ආසාදනයන් ශරීරයේ විවිධ ස්ථාන ආසාදනය කළ හැක. ඒ අතුරින්,
- සම
- ලිංගේන්ද්‍රිය
- උගුර
- මුඛය
ප්‍රමුඛව දැක්විය හැකිය. නමුත් මා මෙහිදී කතා කිරීමට සැරසෙනුයේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ආසාදන තත්ත්වය පිළිබඳවයි. ලජ්ජාව නිසා මෙම ආසාදන තත්ත්වය සඟවාගෙන සිටින බොහෝ කාන්තාවන් හා පුරුෂයන් හට මෙම පණිවුඩය ගෙන යාමට අදහස් කරමි. මාගේ කඩතුරා ගැටළු තුළද මේ සඳහා යම් පිළිතුරක් ලබා දීමට සමත්ව ඇත.
ඔබගේ ලිංගික අවයවය ආශ්‍රිතව කැසීමක් ඇත්නම්, මුත්‍ර පහකිරීමේදී වේදනාවක් ඇති වේ නම්, මෛථුන්‍යයේදී පෙර නොවූ වේදනාවක් ඇති වේ නම් ඔබට මෙම ආසාදනය ඇති වී තිබීමට පුළුවන. නමුත් වෙනත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වලින්ද මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නුවණට හුරු වේ.
මෙහිදි බොහෝ විට ක්‍රීඩාවෙහි නිරත වන අයට සහ ඇදුම සඳහා ඖෂධ භාවිතා කරන අයට මෙම රෝගය ඉක්මනින් වර්ධනය විය හැකිය. ක්‍රීඩකයන්ගේ/ක්‍රීඩිකාවන්ගේ යට ඇඳුම් බොහෝ විට දහඩිය සමග තෙතමනය රැඳෙන බැවින් දිලීරයන්ට වර්ධනය වීමට මහත් හිතකර පරිසරයක් නිර්මාණය කරන අතර ඖෂධ භාවිතා අයගේ ශරීරයෙන් සමේ සිටිනා “හිතකර“ ක්ෂුද්‍ර ජීවීන් ද විනාශ කරන බැවින් ඉහත කී දිලීර ඇතුළු අහිතකර ක්ෂුද්‍ර ජීවීන් වැඩීමට සුදුසු පරිසරයක් නිර්මාණය වේ. තවද පිළිකා සඳහා පිළිකා නාශක එන්නත් ශරීරගත කළ අයද , ඒඩ්ස් රෝගය වැළඳුන අයට මෙම ආසාදනය ඉතා දරුණු ලෙස බලපෑමට හැකිය.
ශිෂ්නය ආශ්‍රිත ආසාදනය (Penile Candidiasis)
මෙහිදී ශිෂ්නය ආශ්‍රිත කැසීමක් ඇතිවිය හැකි අතර ශිෂ්නය කෙළවර , පෙරසම , අණ්ඩ කෝෂයෙහි සම ආදියෙහි සුදු දැලක් හෝ රතු පැහැ වීමක් දක්නට ලැබේ. මෛථුන්‍යයේදී අධීක වේදනාවක් ඇති විය හැකිය.
තවද මෞත්‍ර විවරයෙන් සුදු පැහැති ශ්‍රාවයක් පැමිණීමටද ඉඩ ඇත.
වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි පෙරසම ඉවත් කරන ලද පුරුෂයන්ට මෙය වැළඳීමේ අවධානම අඩුය.
0 comments: