Sunday, 20 December 2015

ස්ත‍්‍රීන්ගේ පියයුරු දිහා බලලා චරිතේ ගැන දැනගන්න

01 වම් පියයුරෙහි උපන් ලපයක් තිබීම සුබය.
02 පියයුරු ඇත්ව පිහිටන,වැහැරුණු,එල්ලා හැලෙන අගේ සිතුවිලි දුෂ්ටය.පුරුෂයාට නොසලකයි.
03 කෙටි පියුරු ඇති කාන්තාව සටකපටි ඉර්ශියාව ඇති හිමිට නොසලකන අයෙකි.
04 වැහැරුණු වුවද කුඩා පියයුරු අත්ති පතිදම් රකී.අග හිග කම් වලට මුහුණ පායි.
05  එකිනෙකට දුරස් වුද අගමහත් වුද දෙපියයුරු පිහිතියේ නම් අයහපත්ය.

05  පිරුණු ඉහලට නැමුණා වු පියයුරු රත්පියුම් මෙන්  බොහෝ වසනා වන්තය.
06  පියයුරු දකුණට උස් වුයේ නම් ඇය බොහෝ පිරිමි දරුවන් ලබන්නිය.
07  පියයුරු දෙක අතර ඇති පරතරය පළල් වුයේ නම් අශුබ පල ගෙන දෙයි.
08  මුල මහත් වු අග සිහින් වු පියයුරු පිහිටා ඇති ස්ත‍්‍රිය තරුණ කාලයෙහි සැප අත්වන්නේද වුද පසු කාලයේ අප‍්‍රමාන දුක් පිඩා වලට ලක් වේ.
09  විශාල ලෙස පියයුරු ඇත්නම් ඇය භාග්‍ය වන්තය, යස ඉසුරින් පිරි ජිවිතයක් ගත කරයි.ප‍්‍රසංශාවට භාජනය වෙයි.
10  මධ්‍යම ප‍්‍රරාමානයෙන් නොහැකිලූ‍නු රවුම් පියයුරු ඇති ඇය වාසනාවන්තය.
ස්ත‍්‍රීන්ගේ උදරය
1. උදරය සිහින්වී නාභියෙන් පහත කොටස නැමී ගියේ නම් – මෙවන් පිහිටීමකට හිමිකම් කියන ස්‌ත‍්‍රීන් උපතින්ම උරුම කරගත් දක්‍ෂතාවලින් පිරිපුන්ය. ඔවුන් එම දක්‍ෂතා අවශ්‍ය පරිදි ජීවිතයට යොදා ගනී. මොවුන් ජනප‍්‍රිය වන චරිත වේ. සමාජයේ කැපී පෙනෙන, ප‍්‍රසිද්ධ තැනැත්තියකි. උපායශීලී මොවුන්ගේ කටහඬ ඉතා මිහිරිය.
2. නහර ඉලිප්පී කෘෂ වූ උදරයක්‌ පිහිටීම – මෙවන් ස්‌ත‍්‍රීන් ජීවිතයේ නොයෙක්‌ දුක්‌ කම්කටළුවලට මුහුණ දෙන අය වේ. බලාපොරොත්තු සිතුම් පැතුම් කඩ වී නිතර දුකෙන් පසුවේ. ජීවිතය ගොඩනගා ගැනීමට මහත් උත්සාහයක්‌ වෙහෙසක්‌ ගනී. මැයට ජීවිතය යුද්ධයකි.
3. යටිබඩ ප‍්‍රදේශය ඉදිරියට නෙරා ඒම – මොවුන් ඉතා අහංකාරය, අනුන්ගේ සිත් රිදවන කථා කියයි. අනුන්ට වඩා තමා උසස්‌ යෑයි කියයි. මුදල් ඉපයීමට ශූර කතක්‌ වන මැය තම සැමියාට අවනත නොවේ. උපායශීලීය. අති දක්‍ෂය. මොවුන් කාමාධිකය.
4. උදරයේ සිට නාභිය දක්‌වා රෝම වැලක්‌ වේ නම් – මෙවන් ස්‌ත‍්‍රීන් ඉතා වාසනාවන්තය. සැප සම්පත්, යස ඉසුරු ලබමින් මුළුජ්ජීවිතයම සතුටින් ගත කරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙවන් ස්‌ත‍්‍රීන්ගේ ජීවිතය සතුටු සයුරකි.
5. උදරයේ රැුලි තුනක්‌ පවතී නම් – මොවුන් ඉතා වාසනාවන්තය. විවිධ දේ ඉගෙනීමට දක්‍ෂය. මෙවැනි ස්‌ත‍්‍රීන් තම සැමියාව තමා විසින්ම තෝරා ගනු ලබයි. වාසනාවන්ත දරුවන් ලබන මැය ගෞරවනීය මවක්‌ වේ.
6. ගණ වූ රෝම සහිත උදරයක්‌ හිමි ස්‌ත‍්‍රිය – ඉතා ඉක්‌මණින් කිපේ. නිතර බොරු කියයි. මොවුන් හොඳ වැඩක්‌ හෝ හරි වැඩක්‌ කිසි විට නොකරයි. වටිනා කාලය නිකරුණේ කා දමන තැනැත්තියකි.
7. උදරය මහත්ව එල්ලා හැලෙන ස්‌වභාවයෙන් යුක්‌ත වේ නම් – මෙවන් ස්‌ත‍්‍රීන් නීතියට පටහැනි දේ කරයි. ආත්ම ගෞරවය ගැන සුළු මොහොතකටවත් නොසිතයි. නිතර දුකෙක්‌ හා දෝමනස්‌සයෙන් පසුවන අයෙකි. කාමාධික මොවුන් පවු සිතුවිලි වලින් පිරුණු අය වේ.
8. උදරය උස්‌ව රවුම්ව මනාව පැවතීම – මෙවන් ස්‌ත‍්‍රීය ඉතා රාගාධිකය. පිිරිමින් බොහෝ දෙනෙක්‌ ඇසුරු කරයි. විලිබිය අඩුය. ජීවිතේ මුල් කාලයේදී සැප සම්පත් භුක්‌ති වින්දද, අග භාගයේදී දුප්පත් වේ.
9. යටි බඬේ විසිරුණු උපන් ලප කිහිපයක්‌ තිබීම – මොවුන් බොහෝ පුරුෂයන් ඇසුරු කරයි. මොවුන් තම මායම් යොදා නොයෙක්‌ වැඩ කර ගනී. කාමාධිකය. මොවුන්ට හොඳ රූ සපුවක්‌ හා අභිමානවත් පෙනුමක්‌ ඇත.
10. උදරයේ රෝම වැල් කිහිපයක්‌ ඇත්නම් – මෙවන් සත‍්‍රීන් ඉතා වාසනාවන්තය. කරුණාවන්ත හදක්‌ ඇත. ඇයට ලැබෙන සැමියාද කරුණාවන්තය. කලාකාමී අයෙකි. මායම් පාමින් අනුන්ගේ සිත් වසඟයට ගනී.
11. උඩ බඬේ උපන් ලපයක්‌ වේ නම් – මෙවන් ස්‌ත‍්‍රීන් ඉතා වාසනාවන්තය. යහපත් දරුවන් ලබයි. සැමියාගේ ආදරය මෙන්ම යස ඉසුරුද ලබන ස්‌ත‍්‍රියකි.
12. උදරය මතුපිට මොලොක්‌ නම් – බොහෝ සැප සම්පත් ලබන ස්‌ත‍්‍රියකි. විවාහයෙන් පසු පිරිමි දරුවන් ලබයි.
13. උදරයේ සුළි ආකාරයේ රෝම ඇත්නම් – මෙවන් ස්ත‍්‍රීන් ජීවිතයේ දුක්‌ පීඩා විඳින අය වේ. කරදර කම්කටොලූ‍ වලට මුහුණ දෙන අවාසනාවන්ත අයෙකි.
14. බඩ පිටට ඇලී පිහිටියේ නම් – මෙවන් ස්‌ත‍්‍රීන් අනුන්ගේ බැල මෙහෙවර කරන දාසියක්‌ බඳු අයෙකි. බොහෝ දුක්‌ විඳියි.



SHARE THIS

Author:

0 comments: