Sunday, 24 May 2015

කාන්තා ලිංගේන්ද්‍රිය ගැන මිත්‍යා මත

ස්ත‍්‍රී යෝනිය පිළිබඳ මිත්‍යා මත ගණනාවක් අන්තර්ජාලයේ පැතිර ඇති බව මාධ්‍යවේදී ජෙනි බ්ලොක් පවසයි. ඔබේ යෝනිය සුගන්ධවත් සහ රසවත් කරගන්නේ කෙසේද යන තේමාව සහිත ලිපියක් උපුටා දක්වමින් ඇය පවසා ඇත්තේ
කාන්තා ලිංගේන්ද්‍රිය ලැජ්ජාවට පත්කිරීමේ මෙවැනි උත්සහයන් පරාජය කළ යුතු බවයි. 

යෝනි මාර්ගය දිනකට දෙවරක් හොඳින් සේදිය යුතු බව එම ලිපිය මගින් යෝජනා කර ඇති නමුදු අපිරිසිඳුවන ආකාරයේ විශේෂ හැසිරීම් වල නොයෙදෙන්නේ නම් යෝනිය සැකසී ඇත්තේ ඊට අවශ්‍ය සනීපාරක්ෂක තත්වයන් එය විසින්ම සපුරා ගන්නා ආකාරයට බව බ්ලොක් පවසා තිබේ.
මේ අතර ලිංගේන්ද්‍රිය ආශි‍්‍රත ප‍්‍රදේශයේ රෝම කූප වල දහදිය රඳන
හෙයින් එය වැක්ස් කරන ලෙස අදාළ ලිපිය මගින් උපදෙස් දී තිබුණද ජෙනී බ්ලොක් පවසන්නේ ඒ පිළිබඳ කිසිවෙකුත් උපදෙස් දීමක් සිදුනොකළ යුතු බවයි. ලිංගේන්ද්‍රිය ප‍්‍රදේශය වැක්ස් කිරීම හෝ වෙනත් ඕනෑම විලාසිතාවක් කිරීම ඇයගේ රුචි අරුචිකම් මත සිදුකළ යුතු බව ඇයගේ අදහසයි.
මුඛ සංසර්ගයේදී යෝනිය වඩා රසවත් වන්නේ එළවළු ආහාර ගන්නන්ගේ බවට මතයක් තිබුණද එය තම මිතුරිය සමග අත්දැකීමෙන් අසත්‍යයක් බවට තහයුරු වූ බවද බ්ලොක් පවසා ඇ
ත.
යෝගට් තැවරූ පුළුන් ගුලියක් යෝනිය තුළට දමා පැයක් සිටීමෙන් එහි ඇති දුර්ගන්ධය පහව යනු ඇති බව අන්තර්ජාලයේ පළවී ඇත. මේ පිළිබඳ අදහස් දැක්වූ ජෙනි බ්ලොක් පවසන්නේ කිසිසේතම ආහාර වර්ග යෝනිය තුළට යෙදීමෙන් වැළකිය යුතු බවයි.

SHARE THIS

Author:

0 comments: