සෑම වසරකම සැප්තැම්බර් මස 16 වෙනිදා කාන්තා උපත් පාලන කොපු දිනය(Global Female Condom Day) ලෙස සමරනු ලැබේ.මෙම ලිපිය එම දිනය සිහිකරනු පිණිස පළකරනු ලැබේ.
මොනවද මේ කාන්තා උපත් පාලන කොපු කියන්නේ?
ඔබ කාන්තාවක් නම්, කිසිදිනෙක ඔබ කාන්තා උපත් පාලන කොපු පාවිච්චි කර තිබේද?
 |
කාන්තා උපත් පාලන කොපුවක කොටස් |
කාන්තා උපත් පාලන කොපුවක් යනු කාන්තාවක් ලිංගික සංසර්ගයේදී පළදින තුනී කොපුවක් හෝ මල්ලක් වැනි උපකරණයකි.එය මුළුමනින්ම යෝනි මාර්ගය ආවරණය කරමින් ගැබ් ගැනීම වළක්වා සහ HIV වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් කාන්තාවන් ආරක්ෂා කරයි
කාන්තා උපත් පාලන කොපු වර්ග
 |
FC2 condoms |
FC2 යනු nitrile වලින් නිපදවූ අඟල් 6.5 එනම් සෙන්ටිමීටර් 17ක් පමණ දිගකින් යුක්ත කොපුවකි.එහි සෑම කෙළවරකම සුනම්‍ය මුදුවක් ඇත.එසේම එහි වැසුණු කෙළවර ඇති සුනම්‍ය මුදුව සහිත කොටස යෝනි මාර්ගය තුලට ඇතුලු කරයි.අනෙක් කෙළවර යෝනි මුවේ රැඳවේ.එසේම එම කෙළවරේ තිබෙන මුදුව සංසර්ගය සිදුකරන අවස්ථාවේදී කොපුව යෝනි මාර්ගය තුලට ගමන් කිරීම වළක්වයි.
 |
FC2 කාන්තා උපත් පාලන කොපුවක් |
මෙම කොපුව ඇතුලත සිලිකන්මය ස්නේහකයක් අඩංගුය.නමුත් අමතර ස්නේහක යොදා ගත හැකිය.මෙම උපත් පාලන කොපුවේ ශුක්‍රාණු නාශක අඩංගු නොවේ.
FC2 හි මුල් සංස්කරණය වන FC නිපදවූයේ මිලෙන් අධික polyurethane යොදාගෙනය(මේවා Reality, Femy ,Femidom යන වෙළඳ නාම වලින් පැමිණියේය ).පසුව මිලෙන් අඩු FC2සංස්කරණය හඳුන්වා දුන්නේය. එම උපත් පාලන කොපු සාදන්නේ nitrile යොදාගෙනය.මහා පරිමාණයෙන් FC2 වර්ගයේ උපත් පාලන කොපු නිෂ්පාදනය 2007 වසරේදී ආරම්භ විය.මේවන විට මිලෙන් අධික FC හෙවත් මුල් සංස්කරණය නිෂ්පාදනය නවතා දමා තිබේ.
 |
FC2 උපත් පාලන කොපුවක් යෝනි මාර්ගය තුලට ඇතුලු කරන අයුරු |
FC2 උපත් පාලන කොපු 2009වසරේ මාර්තු මාසයේදී FDA හෙවත් Food and Drug Administration හි අනුමැතිය ලබාගන්නා ලදි.
අනෙකුත් වර්ග වල කාන්තා උපත් පාලන කොපු
නවතම කාන්තා උපත් පාලන කොපු වැඩිදියුණු කර තිබෙන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය රෝග වලට ගොදුරු වීම අඩුකිරීමටත් ගැබ් ගැනීම් වැලැක්වීමටත්ය.එසේම කාන්තාවත් ඇගේ සහකරුවාත් අපහසුතාවයට පත් කරන සුළු ස්වභාවය අවම කිරීමටත්(මෙය පැරණි මාදිලිවල කාන්තා කොන්ඩම් වල තිබෙන එක් ප්‍රධාන අවාසියක් ) මෙම නවතම උපත් පාලන කොපු හැකියාව තිබේ.
- VA w.o.w Condom Feminine(VA)
 |
VA කාන්තා උපත් පාලන කොපුවක් |
මෙම උපත් පාලන කොපු වර්ගය latex යොදාගෙන නිපදවා ඇත.සෙන්ටිමීටර් 9ක්(අඟල් 3.5) දිගය. මෙය FC2 උපත් පාලන කොපුවලට වඩා දිගින් අඩුය.මෙහි විවෘත කෙළවර වටකුරු තුන්හුලස් රාමුවකින් යුක්ත වන අතර වැසුණු කෙළවර ස්පෙන්ජිමය අභ්‍යන්තරයක් සහිතය.කොන්ඩමය ස්නේහමය වන අතර එහි ශුක්‍රාණු නාශක අඩංගු නොවේ.එහි තෙල්මය ස්නේහයන් යොදාගැනීම වලට අනතුරුදායක වේ.යුරෝපා සංගමය තුල බෙදා හැරීම වෙනුවෙන් ඊට CE සළකුණ ලැබී ඇතත් තවමත් FDA හි අනුමැතිය හිමිකරගෙන නොමැත.ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ පිළිබඳව මේවන විටත් කටයුතු කරමින් සිටියි.
 |
PATH කොන්ඩමය |
මෙය VA කොන්ඩමයට සමාන ආකාරයෙන් නිපදවා ඇත.PATH ආයතනය විසින් වැඩිදියුණු කල උපත් පාලන කොපුවකි.භාවිතා කිරීමේ පහසුව සහ වැඩි සංවේදීතාවයක් ලබා දීම මෙහි ඇති විශේෂත්වයයි.මෙය polyurethane වලින් නිර්මාණය කල පැසක් වන අතර එය ඇතුලු කිරීමට උදවුවක් ලෙස අඩ වශයෙන් වැසූ කැප්සියුලයක් තිබේ.එය යෝනි මාර්ගය තුලට ඇතුලුකල වහාම කැප්සියුලය දිය වී පැස විවෘත කරයි.ඉන්පසු කොන්ඩමය ස්ථාවරව යෝනි මාර්ගය තුල ස්ථානගත වේ.මෙය චීනයේ නිපදවන අතර සීමා සහිත රටවල් ගණනක පමණක් දැනට මිල දී ගැනීමේ හැකියාව තිබේ.
මෙම උපත් පාලන කොපු මාදිලිය ගැබ් ගැන්වීම් වැළැක්වීම සම්බන්ධව ඉහළ සාර්ථකත්වයක් පෙන්වන බව එක්සත් ජනපද අධ්‍යයනයන් ඔස්සේ හෙළිවී තිබේ.
 |
Cupid condom |
මෙම උපත් පාලන කොපු මාදිලිය ස්වභාවික රබර් ක්ෂීරය යොදාගෙන ඉන්දියාවේ Cupid Ltd සමාගම විසින් නිපදවයි.මෙය බෙදා හැරීමට යුරෝපය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය(2012) අනුමැතිය ලබා දී තිබේ.ඊට අමතරව හි අනුමැතියද හිමිවී තිබේ.මෙම උපත් පාලන කොපු මෙසැම්බික්,දකුණු අප්‍රිකාව,ඉන්දුනීසියාව,ඉන්දියාව ආදී රටවල බෙදා හැරේ.මේවා මාදිලියට වඩා ලාභදායී වේ.
මීට අමතරව Natural Sensation Female Condom,Silk Parasol Female Condom,Phoenurse Female Condom,Origami Female Condom ආදී වශයෙන් තවත් කාන්තා උපත් පාලන කොපු මාදිලි තිබේ.
FC2, VA w.o.w., PATH’S Woman’s Condom ,Cupid female condom යන උපත් පාලන කොපු මාදිලි 4 සංසන්දනය කිරීමේදී ඒවා ලබා ඇති ලකුණු ප්‍රමාණ පහත පෙල ගස්සවා තිබේ(ලබා ඇති ලකුණු අනුව උපරිම සහ අවම )
අසමත් වීමේ ප්‍රතිශතය: VA w.o.w. (2.5%), FC2 (2.9%), PATH Woman’s (3.1%), Cupid (3.9%)
දැනීම සහ සංවේදනය: PATH Woman’s, Cupid, VA w.o.w., FC2.
ඇතුලු කිරීමේ පහසුව: FC2, PATH Woman’s, Cupid, VA w.o.w.
එක් එක් මාදිලියට කාන්තාවන් විසින් 80% ක් ධනාත්මකව ලකුණු ලබා දී තිබේ.
කාන්තා උපත් පාලන කොපු භාවිතා කරන්නේ කෙසේද?
කාන්තා උපත් පාලන කොපුවක් පාවිච්චි කරන අයුරුපළමුව ඇසුරුම ප්‍රවේශමෙන් විවෘත කරගන්න.ඉන්පසුව කොන්ඩමය යෝනි මාර්ගයට ඇතුලු කිරීමට ඔබට පහසු යැයි හැඟෙන ඉරියව්වකින් සිටින්න.එසේම අමතක නොකර කොන්ඩමය තෙත් කරගන්න ඔබ පාවිච්චිකරන්නේ FC2 කොන්ඩමය නම් කොපුවේ විවෘත කෙළවර පහළට වැටෙන සේ අල්ලාගන්න.ඉන්පසු මැදැඟිල්ල සහ මහපැටඟිල්ල යොදාගෙන කොපුවේ වැසුණු කෙළවර(යෝනි මාර්ගයට ඇතුලු කරන කෙළවර -මෙහි මුදුව තුනීය )මිරිකා එය පටු මෙන්ම දිගු හැඩයකට පත් කරගන්න.ඉන්පසු එසේ සාදාගත් කොටස යෝනි මාර්ගය තුලට ඇතුලු කරන්න.මැදැඟිල්ල යොදාගෙන කොන්ඩමය තවත් යෝනි මාර්ගය තුලට ඇතුලු කරන්න.මෙහිදී සැලකිය යුතු දෙයක් වන්නේ කොන්ඩමය කිසිම ඇඹරවීමකට ලක් නොවී ඇතුලු කිරීම සිදු කීරීමයි.තවද කොන්ඩමයේ විවෘත කෙළවර තිබෙන මුදුව යෝනි මාර්ගයෙන් පිටත තිබිය යුතුය.
කාන්තා උපත් පාලන කොපුවක් පාවිච්චි කරන අයුරු පියවරෙන් පියවර
 |
ප්‍රවේශමෙන් කොන්ඩමය පැකැට්ටුවෙන් ඉවතට ගන්න |
 |
එහි එක් කෙළවරක් ශිශ්නය ඇතුලු කිරීම සඳහා විවෘතව තනා තිබේ.එම කෙළවර යෝනි මාර්ගයේ පිටත රැදවේ |
 |
කොන්ඩමයේ වැසුණු කෙළවර තිබෙන නැමෙන සුළු ඇතුලු මුදුව මිරිකා/තෙරපා ගන්න. |
 |
සමහර ගැහැණුන් කොන්ඩමය ඇතුලු කිරීමේදී තනි කකුලින් සිටගෙන අනෙක් කකුල උස් ස්ථානයක තබා ගනියි |
 |
එසේ නැතිනම් පහසු වෙන ඕනෑම ඉරියව්වකින් එය සිදුකල හැකිය |
 |
පෙර සඳහන් කල පරිද්දෙන් නවා ගත් කොන්ඩමයේ ඇතුලු මුදුව යෝනි මාර්ගය තුලට ඇතුලු කල යුතුය |
 |
ඉන්පසු මැදැඟිල්ල කොන්ඩමය තුලට යවා සෙමින් සෙමින් එය හැකි තරම් යෝනි මාර්ගය තුලට යැවිය යුතුය.මෙහිදී කොන්ඩමය ඇඹරීමට ලක්කිරීම නොකල යුතුය. |
 |
කොන්ඩමයේ පිටත මුදුව යෝනි මාර්ගයෙන් පිටත පැවතිය යුතුය.සංසර්ගයේදී කොන්ඩමය ස්ථීරව පැවතීමට කොන්ඩමයේ ඇතුලත ස්නේහනය කල යුතුය. |
 |
සහකරුවාගේ ශිශ්නය ඇතුලුවන්නේ කොන්ඩමය තුලට බව නිසැකවම දත යුතුය.කාන්තා කොන්ඩමය පුරුෂ කොන්ඩමය සමග භාවිතා නොකල යුතුය. |
 |
සංසර්ගය අවසානයේදී කොන්ඩමයේ පිටත මුදුව අඹරා/කරකවා එය ඉවතට ගත යුත්තේ ශුක්‍රාණු කාන්දු නොවන ලෙසය. |
 |
කොන්ඩමය සුදුසු පරිදි බැහැර කල යුතුය.නැවත පාවිච්චි නොකල යුතුය. |
VA මාදිලියේ කොන්ඩමය ඇතුලු කිරීමේදී එහි ස්පොන්ජ් කොටස සහ මුදුව/රාමුව එකිනෙක ලංව තිබිය යුතු අතර කොන්ඩමයේ වැසුනු කෙළවර යෝනි මාර්ගයේ ඉදිරිපස තිබිය යුතුය.ඉන්පසු ඇඟිලි දෙකක් යොදාගෙන ස්පොන්ජ් සහිත වැසුණු කෙළවර හැකි තරම් දුරට යෝනි මාර්ගය තුලට ඇතුළු කල යුතුය.තවද ස්පොන්ජ් කොටස ඇතුලු කල පසු පැතලිව තිබිය යුතුය.මුදුව යෝනි මාර්ගයෙන් පිටත තිබිය යුතුය.
ශිශ්නය ඇතුලු කිරීමේදී එය උපත් පාලන කොපුවෙන් පිටතට නොයාමට වග බලා ගත යුතුය.ප්‍රමාණවත් ස්නේහක යොදාගැනීම මගින් සංසර්ගය අතරතුරදී කොන්ඩමය නියමිත පිහිටුමේ තබා ගත හැකිය.තවද දෙදෙනාම එකම අවස්ථාවේ කොන්ඩම් භාවිත නොකල යුතුය. නැතිනම් සංසර්ගය අතරතුරේ උපත් පාලන කොපු දෙක එකිනෙක ඇතිල්ලීමෙන් කැඩී යා හැකිය.
සංසර්ගය අතරතුරදී කොන්ඩමය ගැලවී ගිය හොත් වහාම සංසර්ගය නවත්වා කොන්ඩමය යෝනි මාර්ගයෙන් පිටතට ගත යුතුය.ඒ වෙනුවට වෙනත් කොන්ඩමයක් යොදා ගත යුතුය. තවද එයට අමතර ස්නේහක යෙදිය යුතුය(තෙත් කිරීම )නැතිනම් ශිශ්නය ස්නේහනය කල යුතුය.
 |
කාන්තා උපත් පාලන කොපුවක් සංසර්ගයෙන් පසුව ශුක්‍රාණු කාන්දු වීමකින් තොරව නිවැරදිව ඉවත් කරගන්නා අයුරු |
කොන්ඩමය ඉවතට ගැනීමේදී එහි පිටත මුදුව ක්‍රමයෙන් අඹරා සෙමින් ඉවතට ඇද ගත යුතුය.මෙය ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට එක් වීමට නොදී ප්‍රවේශමෙන් කල යුතුය.ඉන්පසු කොන්ඩමය උපත් පාලන කොපුව බහා තිබූ පැකැට්ටුවේ හෝ වෙනත් ටිෂූ කඩදාසියක දවටා ඉවත් කරන්න.සාමාන්‍යයෙන් නිර්දේශ කර තිබෙන්නේ කාන්තා උපත් පාලන කොපු නැවත භාවිතා නොකල යුතුබවයි.
පළමුවරට කාන්තා උපත් පාලන කොපුවක් භාවිතා කිරීම නුහුරු මෙන්ම එය යෝනි මාර්ගයට ඇතුලු කිරීම අමාරු කාර්යයක් බව දැනෙනු ඇත.නමුත් පුහුණු වීමෙන් සහ ඒ සඳහා කාලයක් ලබාගෙන එසේම සහකරුවාගේ සහායෙන් එම කාර්යය පහසු එකක් බවට පත් කර ගත හැකිය.
කාන්තා කොන්ඩමයක් පාවිච්චි කරන අයුරු www.wikihow.com
කාන්තා උපත් පාලන කොපුවලින් ලැබෙන ප්රතිලාභ
- තම සහකරුවා උපත් පාලන කොපු පාවිච්චිය ප්‍රතික්ෂේප කරන්නේ නම් කාන්තාවකට මෙම කොන්ඩම් භාවිතා කල හැකිය.
- කාන්තා උපත් පාලන කොපු නිවැරදිව භාවිතා කරන්නේ නම් බොහෝමයක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීමටත් අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් වැළකීමටත් හැකියාව තිබේ.
- FC2 උපත් පාලන කොපු සංසර්ගයකදී පමණක් යොදා ගත හැකිය
- FC2 මාදිලියේ කොන්ඩම් නිපදවා ඇත්තේ වලිනි.එය ස්නේහමය සහ දියරමය(ජල ) ස්නේහක යොදාගෙන තෙත් කල හැකිය.උෂ්ණත්වය වෙනස් වීම් හමුවේ වෙනස් නොවන නිසා විශේෂිත ගබඩා කිරීමේ පහසුකම් තත්ත්වයන් අවශ්‍ය නොවේ.
කාන්තා උපත් පාලන කොපුවල අවාසි
- කොන්ඩමයේ පිටත කෙළවර මුදුව යෝනි මාර්ගයේ පිටතින් තිබෙන නිසා එය කාන්තාවකට සබකෝලයක් වැනි හැඟීමක් ඇති කරයි.
- FC2 මාදිලියේ කොන්ඩම් සංසර්ගයේදී ශබ්ද ඇතිකරයි.(වැඩිපුර ස්නේහක යොදා ගැනීමෙන් මෙම තත්තවය වළක්වා ගත හැකිය )
- සමහර කාන්තාවන්ට කොන්ඩම් ඇතුලු කර ගැනීම සහ ඉවත් කර ගැනීමේ අපහසුතා ඇතිවේ.
- භෞතිකමය බාධක යොදා නොගන්නා උපත් පාලන පෙති ආදියට වඩා කොන්ඩම් යොදා ගැනීමෙන් ගැබ් ගැනීම් වළක්වා ගැනීම අසාර්ථක වීමේ ප්‍රතිශතය ඉහළය.
- සමහර රටවල කාන්තා උපත් පාලන කොපු මිලෙන් අධික මෙන්ම මිල දී ගැනීමේ අපහසුතා තිබේ.
කාන්තා උපත් පාලන කොපු නැවත භාවිතා කල හැකිද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ගැබ් ගැනීම් වැළැක්වීම සහ රතී රෝග වලින් ආරක්ෂාවීමට කොන්ඩම් යොදාගන්නා පුද්ගලයන් ඒවා නැවත භාවිතා නොකල යුතුය.FDA සඳහන් කර තිබෙන්නේ FC2 ,FC යන උපත් පාලන කොපු මාදිලි නිපදවා ඇත්තේ එක් වරක් භාවිතා කර ඉවත් කිරීමටය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කොන්ඩම් නැවත භාවිතා කිරීම නිර්දේශ කිරීම හෝ ඊට අනුග්‍රහය දීම සිදු නොකරයි.
කාන්තා උපත් පාලන කොපු ගුද සංසර්ගය සඳහා යොදාගත හැකිද?
සමහර පුද්ගලයන් කාන්තා උපත් පාලන කොපු ගුද සංසර්ගයේදි පවා යොදාගන්නා මුත් මෙම කොන්ඩම් ගුද සංසර්ගයේදි යොදා ගැනීම නිල වශයෙන් අනුමත කර හෝ නිර්දේශ කර නොමැත.තවද කාන්තා කොන්ඩම් පැළඳීම ගුද සංසර්ගයේදී රතී රෝග වලින් ආරක්ෂාවීමට හැකියාවක් ලබා දෙයිද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ ඔස්සේ සනාථ කල යුතු කරුණකි.
කාන්තා උපත් පාලන කොපුවලට ලැබෙන අනුග්‍රහය
අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම සහ රති රෝග වලින් ආරක්ෂාවිමේ ක්‍රමයක් ලෙස WHO ,UNAIDS යන සංවිධාන ලොව පුරා කාන්තා උපත් පාලන කොපු ප්‍රවර්ධනයට අනුග්‍රහය සපයයි.රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මෙම කොන්ඩම් නොමිලේ හෝ දැරිය හැකි මිල ගණන්වලට ලබාදෙමින් පවුල් සංවිධානයට මෙන්ම වැළැක්වීමටද සහාය ලබා දෙයි.
ලොව පුරා භාවිතය සහ මිල දී ගැනීමේ හැකියාව
 |
ගැහැණු පිරිමි දෙපක්ෂයටම උපත් පාලන කොපු මිල දී ගත හැකි යන්ත්‍රයක් - ප්‍රංශය |
පසුගිය වසර 5 තුල කාන්තා උපත් පාලන කොපු භාවිතය වැඩි වී තිබේ.2006 දී කාන්තා උපත් පාලන කොපු භාවිතය මිලියන 10.7 විය. එය 2009දී මිලියන 29 දක්වා වැඩිවිය.(මෙම දත්ත ජාත්‍යන්තර සහ රාජ්‍ය නොවන සංවිධාන වල මුලාශ්‍රයන් ඇසුරෙනි )කෙසේ වෙතත් පුරුෂ උපත් පාලන කොපු භාවිතය සමග සැසඳීමේදි මෙම අගයන් සැලකි නොහැකි තරම් අඩු අගයකි.
කොන්ඩම් ලොව පුරා රටවල් 100ක පමණ රාජ්‍ය සෞඛ්‍ය සංවිධාන සහ වෙනත් කණ්ඩායම් විසින් බෙදා හරිනු ලැබේ.
කාන්තා උපත් පාලන කොපුවල අනාගතය
මේවන විටත් PATH's Woman's Condom මාදිලිය ආදී නවතම කොන්ඩම් වර්ග කිහිපයක්ම වැඩිදියුණු කර තිබේ.මේවා හඳුන්වාදීමේ ප්‍රධානතම අරමුණ මේවන විට වෙළඳ පොලේ තිබෙන කාන්තා උපත් පාලන කොපු භාවිතයේදී මතුවන අවාසි මගහරවාලීමයි.නමුත් මෙම නව හඳුන්වාදීම් ලොව පුරා පළල්ව ව්‍යාප්ත වීමටත් භාවිතා කිරීමටත් තවත් දිගු කාලයක් ගත වේවි.එසේම ඒවාහි අනාගත අවිනිශ්ච්තය.කාන්තාවන් HIV වලින් ආරක්ෂා කිරීමට දැනට තිබෙන කාන්තාවන් අරමුණු කරගෙනම කරන ලද නිෂ්පාදනයක් ලෙස කාන්තා උපත් පාලන කොපුව හැඳින්විය හැකිය.
කෙසේ නමුත් එම අරමුණ සාර්ථක කර ගැනීමට නම් මෙම කොන්ඩම් භාවිතා කිරීමට කාන්තාවන් දිරි ගැන්වීම සහ අනුබල දීමේ ක්‍රමවේදය බොහෝ රටවල රාජ්‍ය මට්ටමි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පැහැදිලිවම පෙනෙන දෙයකි.
ගෝලීය /ලෝක කාන්තා උපත් පාලන කොපු දිනය
සෑම වසරකම සැප්තැම්බර් මස 16 වන දින ලෝක කාන්තා උපත් පාලන කොපු දිනය ලෙස සමරනු ලැබේ.
0 comments: