
ඒ මොනවා උනත් පළමු හමුවීමේදී අපේ සම්බන්ධතාවේ ස්ථාවරත්වය රඳා පවතින්නේ අනෙකා කියන කරන දේවල් මතයි. ඒ නිසා මේ දේවල් ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය පළමු හමුවීමේදීම කිව්වොත් ඒ සම්බන්ධතාවය ගැන තවත් වරක් හිතලා බලන්න පුලුවන්නම් එය ඔබේ “ශරීර සෞඛ්‍යයට” යහපත් වේවි.
ඩිස්ක්ලේමරය: ප්‍රේමය සම්බන්ධයෙන් සිතන 95%ක් තරම් වන තරුණයින් සහ යුවතියන් මෙසේ නොමැති බවත් අවාසනාවකට 5%ක් තරම් සුළු ප්‍රමාණයක් පහත ගණයට වැටෙන බවත් මතක තබා ගන්නේ නම් මැනවි. ඔබ අයිති වන්නේ 5% ද? නැතිනම් 95% ද? යන පැනය තමන්ගෙන් අසා ගැනීම ඔබ සතුය.
01. ඔයාට සැලරි කීයක් විතර තියෙනවද?
පළමු හමුවීමේදීම ඔබේ මාසික වේතනය ඇය හෝ ඔහු ඔබෙන් අසනවා නම් ඔවුන් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රේමයක් වෙන්න විදිහක් නැහැ. ගොඩක් වෙලාවට ඔවුන්ගේ මාසික වේතනයෙන් ගන්නට අපහසු දේ ඔබේ පඩියෙන් ගන්නට සැලසුම් කරනවා වෙන්නත් පුළුවන්. සමහර විට ඔබ නොදන්නවා උනාට ඔබේ සහකරු/කාරිය නමගිය “දත් දොස්තර” කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. මාතෘකාවේ විදියට බැරිවෙලාවත් ඔබෙන් එහෙම ඇහුවොත් උපක්‍රමශීලීව එවෙලෙට උත්තරයක් දීලා පසුව මේ සම්බන්ධයෙන් හිතලා බැලුවත් ඔබේ අනාගතයට වරදක් වෙන එකක් නැහැ.
02. මැරිකලාම අපි අලුත් ගෙයක් ගන්නවා නේද?
මේ විදියට අසනවානම්, ඔබෙන් ඔහු හෝ ඇය බලාපොරොත්තු වෙන්නේ ඔබට තිබෙන වත්කම් වල ප්‍රමාණය ගැන දළ අවබෝධයක් ලබාගැනීම වෙන්නට පුළුවන්. මෙයට ධනාත්මක උත්තරයක් ලබාදුන්නොත් ඒ අනුව ඔවුන් ඊළඟ ප්‍රශ්නය බොහොම සතුටින් සහ පහසුවෙන් සාදා ගනීවි. අවාසනාවකට පිළිතුර ඍණාත්මක නම් ඔබට කලින් ඔබේ ප්‍රේමය ඔබව ඔවුන්ගේ ලොවෙන් ඉවත්කරන්නට උත්සහ කරාවි.
03. අපි නිදහස් තැනකට යමුද පොඩ්ඩක් කතා කරන්න
බොහෝ විට මෙහෙම දෙයක් අහන්නේ කොල්ලෙක්. එත් කෙල්ලෙක් මෙහෙම දෙයක් ඇහුවොත්, එතන පොඩි ගැටළුවක් තියෙන්න පුළුවන්. බොහෝ වෙලාවට ඈ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරයකට වඩා කායික සමීපතාවයක් (ඔව්, එහෙම එකක් තමා J).
සමහර විට ඔබ තර්ක නගන්නට පුළුවන් කොල්ලෙක්ට පුළුවන්නම් කෙල්ලෙක්ට ඇයි බැරි කියලා, එතන කිසිම වරදක් නැහැ. ඔබ කැමති දේ කිරීම ඔබේ අයිතියක්. එහෙත් පළමු හමුවීමේදී කතා කරන්නට විඳින්නට ඊට වඩා වැදගත් දේවල් තියෙනවා. ඒ දේවල් හරියට කලොත් පළමු හමුවීම වඩාත් සුන්දර මතකයේ රැඳෙන එකක් වේවි.
04. ඔයත් හරියට මගේ ex වගේ
අවංකව ආදරේ කරන කෙනෙක්ට තමන්ගේ ආදරය කරන කෙනාගේ අහගන්නට පුළුවන් බරපතලම වචන 5 තමයි මේ. බොහෝවිට මෙහෙම කියන කෙනා තමන්ගේ පැරණි ආදරය ගැන හිතමින් සිටින්නට පුළුවන් අවස්ථා හරිම ඉහලයි. ඔබ කරන කුමනාකාරයේ දෙයක් වුවත් එය ඔවුන්ට නොදැනිම තමන්ගේ පරණ ප්‍රේමය සමඟ සමපාත කරන්නට උත්සහ කරනවා වෙන්නත් බැරි නැහැ.
05. යාළුවො කියන්නේ නම් මල වදයක්
කොල්ලෙක් නම් මෙහෙම කියන්නේ හරිම අඩුවෙන් එහෙත් මිතුරන් ගැන මෙහෙම කියනවා නම් ඔබ ඇයව හමුවන පළමුවන දිනයේදීම ඈ බලාපොරොත්තු වෙන්නේ ඔබේ අවධානය 100% ක්ම ඈ සන්තකයේ තබා ගන්නට වෙන්න පුළුවනි. එහෙත් මනුස්සයින් වෙන අපට අපි වටේ ඉන්න ලඟම අයට එක වරම ඈත් කරන්නේ කොහොමද? ඔබ තමන්ගේ ආදරය වෙතම 100% තමන්ගේ අවධානය යොමුකලාම කියමු. එය කාලයක් ගතවෙත්දී ඔබට සමාජ සබඳතා වලදී මේ ආදරය ගැටළුවක් වෙනවාට කිසිම සැකයක් නැහැ. බොහෝවිට පෙම්වතා/පෙම්වතිය තුල ඔබේ මිතුරන් ගැන වැරදි අදහසක් ආරෝපණය වී තියේ නම් එය එවෙලේම විසඳා දීම ඔබේ සබඳතාවේ දිගු දුර ධාවනයේදී වැදගත් වේවි.
0 comments: