ෆාමසි, සුපිරි වෙළෙඳසැල් ආදී ස්ථානවලින් පහසුවෙන් කොන්ඩම් මිලදී ගත හැකියි. අනෙක් උපත් පාලන ක්‍රමවලට සාපේක්ෂව මෙහි මිල ද අවම මට්ටමකයි පැවතෙන්නේ.
ලේටෙක්ස් රබර්වලින් නිපදවන මේවා දැන් විවිධ ආකාරයන්ගෙන් වෙළෙඳපොළේ දකින්නට ලැබෙනවා. වැඩි තෘප්තියක් ලබා ගැනීම සඳහාම නිෂ්පාදිත රළු ගැටිති සහිත කොන්ඩම්, විවිධ රසයන්ගෙන් සහ සුවඳින් යුත් කොන්ඩම්, සුරතාන්තයට පැමිණීම ප්‍රමාද කරවන ආකාරයේ කොන්ඩම්, හොඳ ස්පර්ශවීමක් ලබා දීමට සැකසූ ඉතා තුනී සිනිඳු මතුපිටක් සහිත කොන්ඩම් ආදී බොහෝ වර්ගවල කොන්ඩම් තිබෙනවා.

කොන්ඩම් මිලට ගැනීමට ඇති ලැජ්ජාව නිසා ඒවා නොමැතිව ලිංගික කටයුතුවල යෙදීමෙන් සමාජ රෝගවලට ගොදුරුවනවාට වඩා, අනවශ්‍ය ගැබ් ගැනීම්වලට මුහුණ දීමට සිදුවනවාට වඩා ඇතිවන ලැජ්ජාව පසෙක ලා කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගෙන භාවිතා කිරීම වටිනවා නේද? මිලට ගැනීමට ගිය විට ඔබ ලෙස වපරැසින් බලන අය ඔබ ඉහත කියූ තත්වයකට මුහුණ දුනහොත් ඔබේ උපකාරයට පැමිණෙන්නේ නැහැ. ඒම නිසා එවන් මිනිසු කෙරෙහි ඔබ වද විය යුතු නැහැ.
මෙය කියවන ඔබ කාන්තාවක් නම් ඔබේ ලිංගික සහකරුගෙන් කොන්ඩමයක් පැළඳ සිටින්නැයි ඉල්ලා සිටීමට ඔබට අයිතියක් තිබෙනවා.
ලැජ්ජාව නිසා අනාරක්ෂිතව ලිංගික කටයුතුවලයෙදී ඔබේ ජීවිතය අඳුරු කරගන්නවාට වඩා ආරක්‍ෂිත උපක්‍රමයක් භාවිතා කර ඔබේ සතුට සොයා යාමයි වැදගත් වන්නේ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව පොදුවේ දකුණු ආසියානු රටවල අය මුහුණ දෙන අත්දැකීමක් තමයි කොන්ඩම් මිලට ගැනීමට ගිය විට විඳින්නට වන අපහසුතාවය. එවන් අත්දැකීමක් අලලා සැකසූ වීඩියෝවක් ඔබට පහතින් නැරඹිය හැකියි.
0 comments: