Saturday, 18 July 2015

යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම


යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම (Pruritus vulva) 

            මෙය සුලබව දැකිය හැකි රෝග තත්වයකිමෙහිදී යෝනි මර්ගයට පිටතින් ඇති සම කැසීමට ලක් වේ.බොහෝ කාන්තාවන්ට කලින් කලට මෙම තත්වයට මොහුණ දීමට සිදුවේනමුත් මෙය රෝග තත්වයක් ලෙස සැලකෙන්නේ කාල්යක් තිස්සේ දිගටම පවතින් කරදරකරී වූ විටය.  කසන ස්වභාවය රාත්‍රියේදී ඔබේ නින්දට බාධා වන තරමටම උග්‍ර විය හැකමෙය නෑම වයස් කාණ්ඩයක් කාන්තාවකට ඇතිවිය හැකප්‍රතිකාර ක්‍රම අදාල හේතුව ඉලක්ක කරගෙන කරනු ලබන අතරකැසීම අවම කිරීමට සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ද ඇත.


මෙම තත්වයට හේතු මොනවාද?



මේ සඳහා හේතු ගණනාවක් ඇතඑබැවින් වෙද්‍යවරයකු හමුවී නිවැරදිව රෝග නිශ්චය කර ප්‍රතිකාර ලබා ගත යුතුය.

 ·         ආසාදන තත්ව : 
      යෝනි මාර්ගය ආශ්‍රිත කැන්ඩිඩා දිලීර ආසාදනයල්ංගිකව සම්ප්‍රේෂණය වන රෝගපණු රෝග ආදිය


 ·         සමේ රෝග :
      යෝනි විවරය ආශ්‍රිත සමෙහි රෝග නිසාවිවිධ සබන් වර්ග භාවිතයසනීපාරක්ෂක තුවාඅධික දහඩිය ආදිය නිසා ආසාත්කතා ඇති වීම
 ·         නොදැනුවත්ව මුත්‍රා පහ වීම


 ·         ආර්තවාභාවය :
     මෙම කාලය තුල යෝනි මාර්ගය අසල සම වියලී තුනී වන බැවින් කසන ස්වහාවයක් ඇති වේ.

 ·         ගර්භනී සමය
 ·         මුලු ශරීරයම කැසීමට ලක්වන රෝග මෙම ප්‍රදේශයටද බලපෑ හැකඋදාඇතැම් බෙහෙත් වර්ග වල අතුරු ආබාධයක් ලෙසතයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගරුධිරය ආශ්‍රිත රෝග

·         දියවැඩියාව

·         ඇතැම් අවස්ථා වල කිසිඳු හේතුවක් සොයා ගත නොහැක.


සංකූලතා

1.      කැසීම නිසා සම ආසාදනය වීම
2.      ලිංගික සම්බන්ධතාවය පිලිබඳව ඇතිවන ගැටලු

3.      මානසික ආතතිය


යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට ප්‍රතිකාර -


1. මූලික හේතුවට ප්‍රතිකාර කිරීම

මෙම තත්වයට පාදක වන හේතුව මත ප්‍රතිකර ක්‍රම වෙනස් වේ. උදාහරණයක් ලෙසදිළීර ආසාදන වලට දිළීර නාශකබක්ටීරියා ආසාදන වලට ප්‍රතිජීවක ඔ ෂධසමේ රෝග තත්ව වලට ස්ටීරොයිඩ් ඔ ෂධආර්තවාභාවය නිසා ඇති වන තත්වයට ඊස්ට්‍රජන් ක්‍රීම් වර්ග භාවිතය ආදිය. මේ පිලිබ්ඳව ඔබේ වෙද්‍යවරය වැඩිදුර කරුණු පහදා දෙනු ඇත.

2.  මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග - මේ සඳහා විශේෂ මොයිස්චයිසර් ක්‍රීම් වර්ග ඇත.  මෙම ක්‍රීම් හොචින්       ආලේප කරලන්න. මෙම සංයෝග සබන් වශයෙන්ද භාවිත කල හැක.

3.  හැකි තරම් කැසීමෙන් වලකින්න. කසන හැම විටම තවත් කැසීමේ අවශ්‍යතවය ඇති වේ. එබැවින් මෙම චක්‍රය බිඳ හෙලිය යුතුය. ඊට අමතරව මෙමඟින් ආසාදනද පැතිරිය හැක. එනිසා නියපොතු කොටට කපා තබා ගන්න.

4. පහත පිලියම්ද ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

·         යට ඇඳුම් භාවිතය - කපු වලින් නිර්මානය වූ  ලිහිල් යට ඇඳුම්  හැකිතාක් භාවිතා කරන්න. නයිලෝන් හෝ කෘත්‍රිම රෙදි වලින් නිමවූ යට ඇඳුම් වලින් දහඩිය දැඳූම වැඩි වී රෝග තත්වය උග්‍ර විය හැක.දිනපතා යට ඇඳුම් මාරු කල යුතුය. සිරුරට තද වන යට ඇඬුම් අභාවිතයෙන් වලකින්න.




·         සේදීම - යෝනි ප්‍රදේශය දිනකට දෙවතාවක් පමණ සුමුදුව සෝදන්න. තදින් ඇතිල්ලීමෙන් හෝ සේදීමෙන් වලකින්න. වතුරෙන් පමණක් සෝදන්න. සුමුදු සබන් වර්ගයක් හෝ සුවඳ රහිත මොයිස්චරයිසර් වර්ගයක් මේ සඳහා භාවිතා කරන්න.
ඉන්පසු රෙදි කඩකින් යෝනි ප්‍රදේශය හොඳින් තේත මාත්තු කරන්න. එම ප්‍රදේශය තෙත්ව පැවතීම මෙම තත්වය උග්‍ර කරවයි.
ඔබ නාන විට කොන්ඩය සේදීම වෙනම කල හැකි නම් වඩා සුදුසුය එයට හේතුව කොන්ඩය සේදීමට භාවිතා කරන ෂැම්පූ හා කන්ඩිෂනර් වර්ග යෝනි ප්‍රදේශයේ සම සමග ගෑවෙන විට කැසීමේ තත්වය උග්‍ර විය හැක.


සාමාන්‍ය උපදෙස්

·         ඔසප් කාලයේදී භාවිතා කරන සනීපාරක්ෂක තුවා නිතර මාරු කරන්න. ඒව තෙත්ව පැවතීම මෙම තත්වය උග්‍ර කරනු ඇත.
·         කොන්ඩම් භාවිතයේදී ශුක්‍රාණු නාශක ජෙල් වර්ග ඒ සමග භාවිතයෙන් වලකින්න.
·         යෝනි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමෙන් වැලකිය යුතුය.


කිසිම හේතුවක් හඳුනා ගත නොහැකි නම්.......

            බොහෝ අවස්ථා වල මෙම තත්වයට හේතුවක් හඳුනා ගත නොහැක. එවිට ඉහත සඳහන් සාමාන්‍ය උපදෙස් වෙද්‍යවරයා විසින් ඔබට දෙනු ඇත. ඒව පිලිපැදීම මඟින් ඔබට ඇති අපහසුකාරී ලක්ෂණ මග හැරීමට උපකාරී වනු ඇත.
ඳූට අමතරව වෙද්‍යවරයා ඔබට සැරින් අඩු ස්ටීරොයිඩ් ක්‍රීම් වර්ගයක් සතියකට පමණ නියම කරනු ඇත.  බොහෝ විට එමඟින් කැසීමේ තත්වය දින කිහිපයකින් අඩු වේ. නමුත් මෙම ක්‍රීම වර්ග නිතර නිතර භාවිතය සුදුසු නොවේ. එයට හේතුව දිගු කාලීනව භාවිතයේදී යෝනි ප්‍රදේශයේ සම තුනී වීමකට ලක් වීමයි. එවිට සම පැලී සුව කිරීමට අපහසු තුවාල බවට පත්වනු ඇත.
තවද ඇතැම් අයට ස්ටීරොයිඩ් ක්‍රීම් වර්ග භාවිතයෙන් මෙම තත්වය උග්‍ර විය හැක. එබැවින් මෙම තත්වයට ඔෂධ ප්‍රතිකාර අනිවාර්යයෙන්ම වෙද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතුය.


මෙම තත්වය ඔබේ නින්දට බාධාවක් නම්...

            ඒ බව ඔබේ වෙද්‍යවරයාට දැනු ම් දෙන්න. එවිට ප්‍රතිහිස්ටැඳූන් ඔෂධයක් වෙද්‍යවරයා නියම කරනු ඇත. මෙමඟින් කැසීම එතරම් අඩු වන්නේ නැති නමුත් නිද්‍රා ගතියක් ඇති කරනු ඇත. ඔබට සුදුසු ප්‍රතිහිස්ටැඳූන් ඔෂධ වර්ගය වෙද්‍යවරයා තීරණය කරනු ඇත. 

SHARE THIS

Author:

0 comments: