Tuesday, 30 June 2015

තායිලන්තයේ Ladyboys සංස්කෘතිය



තායිලන්තයේ Ladyboy යන පටබැඳි නාමයෙන් හඳුන්වන්නේ ය.ඡායාරූප ශිල්පී  Soopakorn Srisakul විසින් ඔහුගේ Ladyboy පෙම්වතිය සහ තවත් Ladyboys සතර දෙනෙකුගේ දෛනික ජීවිතය ගෙවෙන අයුරු ඡායාරූපයට නඟා තිබේ.ඔවුන් සේවය කරන්නේ බැංකොක් නගරයේ red-light district වන Nana හි බීමහල් වල call girls ලෙසය.මෙම බීමහල් වල සේවය කරන බොහෝදෙනා Ladyboysලාය.කැබරේ නර්තනයන් ඉදිරිපත් කිරීම ,වේටටර්වරුන් ලෙස සේවය කිරීම සහ වෛශ්‍යා වෘත්තියේ යෙදීම ඔස්සේ ඔවුන් තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් එකතු කරගනියි.



Soopakorn Srisakul ගේම වචන වලින් ඔහු ලැබූ අත්දැකීම් විස්තර කරයි.

"ඔවුන් වැඩ ඇරුණු පසු ඔවුන්ගේ කාමරවලට  ගොස් නිස්කලංකව සිටියි.ඇතැම්විට ඔවුන් පිටිසර පෙදෙස්වල සිටින තම පවුලේ උදවිය දැකීමට යති.ඉන්පසු ඔවුන් යළි තම රැකියාවට යයි.අන් අය මෙන් ඔවුන්ද සතුට හමුවේ සිනාසෙයි.දුක හමුවේ හඬා වැටේ.ඔවුන් ජීවත් වන්නට උපයයි.අන් අය මෙන් ඔවුන්ද තමන්ගේ පෙම්වතා සමග තර්ක කරයි.රළු ලෙස සලකන්න තරම් ඔවුන් හා අප අතර ඇති වෙනස කුමක්ද?ඔවුන් එලෙස නරක අයුරින් සැලකිලි ලබන්නට සුදුසුව සිටියිද?"



Soopakorn Srisakul  විසින් ලබාගත් ඡායාරූප කිහිපයක්...
















SHARE THIS

Author:

0 comments: