උපතේදී කිසිවෙකු ගැහැණු හෝ පිරිමි වශයෙන් නම් කෙරෙන්නේ ඔහුට හෝ ඇයට උරුම වූ බාහිර ලිංගික ලක්ෂණ අනුවය.උපතින් පසුව ගෙවෙන පළමු වසර කිහිපය තුළ දී හැසිරීමෙන් ද දෘශ්‍යමාන වනුයේ ඔවුන්ට අදාල සාමාජීය ලිංගිකත්වයයි. එනම් තමන් පිරිමියෙකු හෝ ගැහැණියකයැයි තමාටම හැඟෙන ස්වභාවයයි.
ලිංගිකත්වය තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වනුයේ සිරුරේ සෛලවල පවතින වර්ණදේහ ආකෘතියයි.ජීවී සෛලයක අලිංග වර්ණදේහ යුගල 22ක් ද ලිංග වර්ණදේහ යුගලයක්ද පවතියි.ලිංග වර්ණදේහ වලින් ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරයි.ලිංග වර්ණ දේහ යුගල XX ලෙස
පිහිටි විට ස්ත්‍රියක් ද XY ලෙස පිහිටි විට පුරුෂයෙක් ද වේ.ලිංග වර්ණදේහ පිහිටන ආකාරය අනුව මෙලෙස පිරිමි හෝ ගැහැණු බව තීරණය වුවද,බාහිර ලිංගික ලක්ෂණ ඇතැම් විට එයට හාත්පසින්ම වෙනස් ආකාරයකට පිහිටීමේ ඉඩක් නැත්තේ ද නොවේ.මෙහිදී ලිංගිකත්වය පිරිමි වන විට බාහිර ලිංගික අවයව ගැහැණු ලෙස පිහිටීමත්,ලිංගිකත්වය ගැහැණු වනවිට බාහිර ලිංගික අවයව පිරිමි ස්වරූපයකට සමීපව පිහිටීමත් සිදු විය හැකිය.
පිහිටි විට ස්ත්‍රියක් ද XY ලෙස පිහිටි විට පුරුෂයෙක් ද වේ.ලිංග වර්ණදේහ පිහිටන ආකාරය අනුව මෙලෙස පිරිමි හෝ ගැහැණු බව තීරණය වුවද,බාහිර ලිංගික ලක්ෂණ ඇතැම් විට එයට හාත්පසින්ම වෙනස් ආකාරයකට පිහිටීමේ ඉඩක් නැත්තේ ද නොවේ.මෙහිදී ලිංගිකත්වය පිරිමි වන විට බාහිර ලිංගික අවයව ගැහැණු ලෙස පිහිටීමත්,ලිංගිකත්වය ගැහැණු වනවිට බාහිර ලිංගික අවයව පිරිමි ස්වරූපයකට සමීපව පිහිටීමත් සිදු විය හැකිය.

ව්‍යාජ පිරිමි ද්විලිංගික අවස්ථාවේ පවතින ලිංගික පටක වන්නේ වෘෂණ හෙවත් පිරිමි ලිංගික පටකයි.එහෙත් බාහිර ලිංගික අවයව දැක්වෙන්නේ ගැහැණු ස්වරූපයෙනි.මෙලෙස ගැහැණු බාහිර ලිංගික අවයව පිහිටියද අභ්‍යන්තර ගැහැණු ලිංගික අවයව පිහිටීමක් සිදු නොවේ.මෙම අවස්ථාවේ බාහිරව පෙන්නුම් කරන්නේ හොඳින් වැඩුණු හා ආකර්ෂණීය ගැහැණු ස්වරූපයකි.පවතින වර්ණදේහ ආකෘතිය වනුයේ අලිංගික වර්ණදේහ යුගල 22ක් සහ XY ආකාරයේ ලිංග වර්ණදේහ යුගලකි.ව්‍යාජ ගැහැණු ද්විලිංගික අවස්ථාවේ දී ලිංගිකත්වය ගැහැණු ලෙස තීරණය වන්නේ අලිංගික වර්ණදේහ යුගල 22ක් සහ XX ලෙස පිහිට් ලිංග වර්ණදේහ යුගල මගිනි. එහෙත් බාහිර ලිංගික අවයව පිරිමි ලිංගික අවයව වලට සමීප වන මුත් අභ්‍යන්තරිකව ගැහැණු ලිංගික පටක හෙවත් ඩිම්බ කෝෂ පිහිටයි.මේ අවස්ථාව ඇතිවීමට "ඇන්ඩ්‍රොජන්" හෝමෝනය අධිකව නිපදවීමේ තත්ත්වයන් බලපෑ හැකිය.
මීට අමතරව ලිංග වර්ණදේහ අඩු වැඩි වශයෙන් පිහිටීම නිසාද ලිංගිකත්වය නිර්ණය කල නොහැකි අවස්ථාවන් ඉස්මතු වේ.
ටර්නර්ස් සහලක්ෂණය යනු ඉන් එක් අවස්ථාවකි. මෙහිදී ලිංග වර්ණ දේහ යුගලක් වෙනුවට එක් X වර්ණදේහයක් පමණක් පිහිටයි.මෙහිදී බාහිර ස්වරූපය ගැහැණු වේ.නමුත් මොවුන්ගේ ඩිම්බ කෝෂ අසම්පූර්ණ වර්ධනයක් සහිතය.
ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය මෙබදු තවත් අවස්ථාවකි.මෙහිදී XX ලිංග වර්ණදේහ යුගලට අමතරව Y වර්ණදේහයක් පිහිටයි.එනම් XXY ආකාරයකි.මෙවැනි ව්කෘති සහිතව ඇතිවන පුද්ගලයින්ගේ බාහිර ස්වරූපය පිරිමියෙකු ලෙස පෙනෙයි. නමුත් ඔවුන්ගේ පියයුරු විශාලය,රෝම වර්ධන අඩුය,වෘෂණ කුඩාය.ශුක්‍රාණු නිපදවුවද මොවුන් වඳය.තවත් මානසික වර්ධනයද අඩුය.නිතර කැළඹුණු ස්වභාවයකින් පසු වේ.
මෙවැනි අසාමාන්‍යතාවයන් හඳුනාගැනීමට වර්ණදේහ පරීක්ෂාවක් සිදු කරයි.
0 comments: